December 14, 2017

ලෙච්වර්ත් බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පූජෝත්සවය

  Pic45 ලෙච්වර්ත් බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පූජෝත්සවය ඉකුත් දා මහත් උත්සවශී‍්‍රයෙන් ලෙච්වර්ත් ගාඞ්න් සිටි හිදී පැවැත් වුනා.   ඒ සාම්ප‍්‍රදායික කඨින පිංකම් වතාවත් ඇතුළු සියළු ආගමික වතාවත් වලින් සමන්විතවයි.   උදෑසන කඨින චීවරය රැුගත් පෙරහැර වැඩම කිරීමෙන් අනතුරුව ආරම්භ වූ පූජෝත්සවය උදෑසන බුද්ධ පූජා/හීල් දානය/ පිංකම් දේශනා ඇතුළු වතාවත් වලින්ද සමන්විතවුනා.   ලෙච්වර්ත් විහාරාධිපති පූජ්‍ය දැදියවල විමල මහා තෙරුන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සියළු කටයුතු සිදු කෙරුනා.   කඨිනානිසංස ධර්ම දේශනාව පවත්වනු ලැබූවේද උන්වහන්සේ විසින්.   නොටින්හැම් ශාන්ති විහාරයේ විහාරවාසී පූජ්‍ය තෙල්දෙණියේ අමිත ස්වාමින්වහන්සේ සහ ශී‍්‍ර ලංකාවේ සිට වැඩම කල පූජ්‍ය බටුවන්ගල රාහුල ස්වාමින් වහන්සේ විසින් පිංකමේ බුද්ධ පූජා සහ පුණ්‍යානුමෝදනා කටයුතු සිදුකරනු ලැබුවා.   පූජ්‍ය තවලම බන්දුල හිමිපානන්/ ලන්ඩන් විහාරයේ පූජ්‍ය මාපලගම බුද්ධසිරි හිමිපානන්/ පූජ්‍ය මාතලේ විජයවංශ හිමිපානන් සහ කිංස්බරි විහාරයේ පූජ්‍ය වස්කඩුවේ සුභූති හිමිපානන් ඇතුළු මහා සංඝරත්නයද මෙම අවස්ථාවට වැඩම කර සිටියා. Pic2 Pic3 Pic4 Pic5 Pic6 Pic7 Pic8 Pic14 Pic15 Pic18 Pic20 Pic21 Pic22 Pic25 Pic28 Pic29 Pic30 Pic31 Pic32 Pic36 Pic39 Pic40 Pic44 Pic46 Pic47

Social Top Sharing

Share on Myspace

submit to reddit

Share on Tumblr

By yesmin - Thu Nov 07, 9:31 am

Leave a Reply