February 26, 2018

ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ කඨින පිංකම මෙවරත්

5 ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ කඨින පිංකම මෙවරත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වූනා ඒ විහාරාධිපති පුජ්‍ය තවලම ධම්මික හිමියන්ගේ අනුශාසනා යටතේ පිංකම සඳහා කොළඹ මාළිගාකන්දේ විද්‍යෝදය පරිවේණාධිපති ශාස්ත‍්‍රපති ත‍්‍රිපිටක වාගීශ්වරාචාර්ය බලංගොඩ සොභිත නාහිමිපාණෝ,ප‍්‍රංශයේ ප‍්‍රධාන සංඝ නායකල පැරිස් ජාත්‍යන්තර බෞද්ධ විහාරාධිපති ශාස්ත‍්‍රපති පරවාහැර චන්දරතන නාහිමිපානන් වහන්සේලද වැඩම කර සිටියා. තවද ගාල්ල මහමෝදර ශ‍්‍රී ගුණෝදය පිරිවෙන් අධ්‍යක්ෂ ගෞරව ශාස්ත‍්‍රවේදී හබරකඩ සෝරත හිමිපාණෝ,ගාල්ල, මාතර, හම්බන්තොට දිසා අධිකරණ සංඝ නායක මාහිමිපාණෝ,පරිත‍්‍රාන භාණක මාපලගම බුද්ධසිරි නායක හිමිපාණන්වහන්සේ,ඇතුළු මහා සංඝරත්නය ද මෙම අවස්ථාවට වැඩම කෙරුනා. එක්සත් ජාතීන්ගේ ජිනීවා හි ශ‍්‍රී ලංකා තානාපති රවිනාත් ආරියසිංහ මහතා ප‍්‍රධාන ස්විස්, ප‍්‍රංශ, ශ‍්‍රී ලාංකික,තායි,ලා ඕස්,කාම්භෝජ, වියෙට්නාම් හා බංග්ලාදේශ් ජාතික සැදැහැවතුන් බොහෝ පිරිසක් මෙවර පිංකම සඳහාද සහභාගී වීම විශේෂිතයි සම්මා සම්බුද්ධ පූජාවල කඨිනය පූජා කිරීම, මහා සංඝගත දක්ෂිණාව, අලංකාර අන්දමින් පැවැති අතර, සිංහල, ප‍්‍රංශ සහ ඉංග‍්‍රීසි භාෂාවන්ගෙන් ධර්ම දේශනා සිදුකිරීම ද මෙහිදී කැපී පෙනුනා කඨිනානිසංස ධර්ම දේශනා සිදුකරනු ලැබුවේ පුජ්‍යපාද බලංගොඩ සොභිත නාහිමි හා පුජ්‍යපාද පරවහැර චන්දරතන නාහිමි විසින් අනතුරුව පරිත‍්‍රාන භාණක මාපලගම බුද්ධසිරි නායක හිමිපාණන්වහන්සේගේ මූලිකත්වයෙන් ආශිර්වාදාත්මක මහාපරිත‍්‍රාන ධර්ම දේශනයක් සිදුකරනු ලැබුවා පුණ්‍යානුමෝදනාව කඨින චීවරය ලබමින් විහාරවාසී පුජ්‍යපාද ශාස්ත‍්‍රවේදී හල්විටිගල සුජාත හිමියන් විසින් සිදුකරනු ලැබුවා 9 10

Social Top Sharing

Share on Myspace

submit to reddit

Share on Tumblr

By yesmin - Wed Nov 13, 7:35 am

Leave a Reply