October 18, 2017

ජෝර්ජියා බෞද්ධ විහාරස්ථානයේ වාර්ෂික කඨින පූජෝත්සවය මෙවරත්

15 ජෝර්ජියා බෞද්ධ විහාරස්ථානයේ වාර්ෂික කඨින පූජෝත්සවය මෙවරත් උත්කර්ෂවත් ලෙස පැවැත් වුනා. ඒ විහාරාධිපති පූජ්‍ය වජිරබුද්ධි ස්වාමින්වහන්සේගේ අනුශාසකත්වයෙන් සර්ව රාති‍්‍රක පිරිත් දේශනා පිංකම් වලින් ආරම්භ වූ කඨින පූජෝත්සවයේ කටයුතු පසුදින කඨින චීවරය රැුගත් පෙරහැර ඇතුළු ආගමික වතාවත් රැුසකින් සමන්විත වුනා. කඨින පූජෝත්සව දිනට සමගාමීව විහාරස්ථාන පරිශ‍්‍රයේ භාවනා වැඩසටහනක් ද කි‍්‍රයාත්මක වූ අතර පූජ්‍ය හේනේපොල ගුණරතන ස්වාමින් වහන්සේ විසින් එම කටයුතු මෙහෙයවනු ලැබුවා. විශේෂ ධර්ම වැඩසටහන්ද කි‍්‍රයාත්මක වූ අතර එය මෙහෙයවනු ලැබුවේ කැනඩා අසපුවේ විහාරවාසී පූජ්‍ය කොච්චිකඬේ සීවලී හිමිපානන් විසින්. අලංකාර පිරිත් මණ්ඩපයක පැවති පිරිත් දේශනයකින් පසුව පිණ්ඩපාත චාරිකාව/හීල්දානය සහ කඨින චීවර පූජාව මෙන්ම විනය කර්ම පූජාව ආදී වතාවත්ද සැදැහැවතුන්ගේ මූලිකත්වයෙන් සිදු කෙරුනා. මහා සංඝයා වහන්සේලා විසිනමක් පමණ මෙම වතාවත් සදහා එක්ව සිටි අතර එරට වෙසෙන බෞද්ධාගමික බැතිුමතුන් විශාල පිරිස්ද ආගමික වතාවත් සදහා එක්ව සිටියා. 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 16 Untitled-2

Social Top Sharing

Share on Myspace

submit to reddit

Share on Tumblr

By yesmin - Wed Nov 13, 10:37 am

Leave a Reply