October 18, 2017

ජනපති ජන්ම දිනය වෙනුවෙන් කිරිඅම්මා දානයක්

he_arms_giving අද (18)ට යෙදී ඇති ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජන්ම දිනය නිමිත්තෙන් එතුමාට ආශිර්වාද පතමින් කිරි අම්මාවරු දහසක් උදෙසා දානය පිළිගැන්වීම අද අලුයම නාරාහේන්පිට අභයාරාමයේ දී සිදුවිය.
විහාරයට ගිය ජනාධිපතිතුමා ආගමික වතාවත් හි නිරත වීමෙන් අනතුරු ව කෝට්ටේ ශ්‍රී සාම ශ්‍රී ධර්ම මහා සංඝ සභාවේ වැඩබලන මහානායක අචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්න සෙත් පිරිත් සඡ්ඡායනා කර ජනාධිපතිතුමාට ආශිර්වාදය පළ කළේය.
නාරාහේන්පිට ශ්‍රී අභයාරාම විහාරයේ අභිනවයෙන් ඉදිකළ සදෙව් ලොව රූපිත විහාර මන්දිරය ද ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි. ජනාධිපතිතුමා රූපිත විහාර මන්දිරය නැරඹීමට ද එක්විය.
අමාත්‍යවරුන් වන මෛත්‍රීපාල සිරිසේන, නිමල් සිරිපාල ද සිල්වා, බන්දුල ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, මර්වින් සිල්වා, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ

Social Top Sharing

Share on Myspace

submit to reddit

Share on Tumblr

By yesmin - Mon Nov 18, 11:23 am

Leave a Reply