December 14, 2017

ජනපති ජන්ම දිනයට විසුම්පායේ බෝධිපූජාවක්

Agamathi අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජන්ම දින සැමරුම, දෙවන පදවි ප්‍රාප්ති තෙවන වසරේ සමාරම්භය සහ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ සභාපතීත්වයට පත්වීමට ආශිර්වාද කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු.ජයරත්න මැතිතුමා සංවිධන කළ විශේෂ ආශිර්වාද බෝධි පූජාවක් අඟහරුවාදා( 19) පස්වරුවේ විසුම්පාය, අග්‍රාමාත්‍ය නිල නිවසේ බෝ මළු පරිශ්‍රෙය්දී පැවැත්විණි. හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ගලබොඩ ඥාණීස්සර හිමිපාණන් වහන්සේ, විහාරවාසී කිරින්දේ අස්සජි හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් මෙම ආශිර්වාද බෝධි පූජා පුණ්‍ය කර්මය සිදු කෙරිණි. එහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු.ජයරත්න මැතිතුමා හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ගලබොඩ ඥාණීස්සර හිමිපාණන් වහන්සේ වෙත අටපිරිකරක් පූජා කළ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ. බුද්ධ ශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස්.ගුණවර්ධන මැතිතුමා, අග්‍රාමාත්‍ය ආර්යා අනුලා යාපා ජයරත්න මැතිණිය අග්‍රාමාත්‍ය කාර්යාලය, බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයේ කාර්යය මණ්ඩලය ද මේ අවස්ථාවට සහභාගීව සිටියහ.

Social Top Sharing

Share on Myspace

submit to reddit

Share on Tumblr

By yesmin - Wed Nov 20, 6:19 am

Leave a Reply