October 18, 2017

මේරි ලැන් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ කඨිණ මහා පූජෝත්සවය

Untitled-10 ඇමෙරිකාවේ ප‍්‍රධාන අගනුවර ආසන්නයේ පිහිටා තිබෙන මේරිලැන් ප‍්‍රාන්තයේ පිහි ටි වීටන් පංසල ලෙසින් වඩාත් ප‍්‍රසිද්ධ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ මෙවරත් එම විහාරස්ථානයේ වස් වැසූ භික්‍ෂූන් වහන්සේලාට කඨිණ චීවර පුජාව පිළිගැන් වීමේ මහෝත්සවය අති උත්කර්ශවත් ලෙසින් පැවැත් විණි. එම මහගු පින්කම පවත්වන ලද්දේ 13 වරටයි. ඒ උතුරු ඇමෙරිකාවේ සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ ප‍්‍රධාන සංඝනායක අතිගරු කටු ගස්තොට උපරතන නායක මාහි මියන්ගේ ප‍්‍රධාන අනුශාසකත්වයෙන් හා ගරු කොබෙයිගනේ සිරිරතන මාහි මිපාණන්ගේ සංවිධායකත්වයෙන් . කඨීණ මහා පිංකම ආරම්භ වූයේ ගරු කටු ගස්තොට උපරතන නායක මාහි මියන් පැවැත්වූ අටවිසි සම්බුද්ධ පූජාවෙන්. උදය කාලයේ දහම් පාසැල් ළමුන්ගේ හා දෙමාපියන්ගේ සහායෙන් කඨිණ චීවර පුජාව වැඩම කිරීම සඳහා පැවැත් වූ කඨිණ පෙරහැර දෙස් විදෙස් බැතිමතුන්ගේ බෙහෙවින්ම සිත් ඇදගත්තේ ය. මෙවරද ඇමෙරිකාවේ ශි‍්‍ර ලංකා තානාපතිතුමන්ද පිංකමට සහාභාගිවීම විශේෂත්වයක්. පුරාණ චාරිත‍්‍රානු කූලව කඨිණ චීවරය සකස් කොට පඬුපෙවීම දෙස් විදෙස් බැතිමත් කාටත් නැවුම් අත්දැකීමක් විය. භික්‍ෂු භික්‍ෂුණින් ප‍්‍රධාන ත්‍රෛනිකායික මහා සඟරුවනට සංඝික දන් පිරිනැමීමෙන් පිංකම නිමාවට පත් විණි. Untitled-1 Untitled-2 Untitled-3 Untitled-4 Untitled-5 Untitled-6 Untitled-7 Untitled-9 Untitled-10 Untitled-11 Untitled-12 Untitled-13

Social Top Sharing

Share on Myspace

submit to reddit

Share on Tumblr

By yesmin - Wed Nov 20, 8:23 am

Leave a Reply