October 18, 2017

නවසීලන්ත අග‍්‍රාමාත්‍ය ජෝන් කී මහතා වට් පෝ විහාරස්ථානය වැදපුදාගනී

thai නවසීලන්ත අග‍්‍රාමාත්‍ය ජෝන් කී මහතා නිල සංචාරයක් සදහා තායිලන්තයට පැමිණ තිබෙනවා. එම සංචාරයේදී එරට බෞද්ධ විහාරස්ථානයක් වූ වට් පෝ සිද්ධස්ථානය වෙත පැමිණි ඒ මහතා එහිදී ආශිර්වාද ලබාගත්තා. වෙළෙඳ සාකච්ඡුාවක් මූලික කරගනිමින් තායිලන්තය වෙත පැමිණි නවසීලන්ත අග‍්‍රාමාත්‍යවරයා සිය සංචාරය අතරතුරී එරට ආගමික ඉතිහාසය පිලිබදව ද සිය අවධානය යොමුකිරීමට නියමිතයි. වට් පෝ විහාරස්ථානය තායිලන්තයේ ප‍්‍රධාන පෙලේ බෞද්ධාගමික සිද්ධස්ථානයක් ලෙස සැලකෙන අතර ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා මහතාද සිය තායිලන්ත සංචාරය අතරතුරදී එම විහාරස්ථානය වෙත පැමිණියා. සංචාරය සදහා නවසීලන්ත අග‍්‍රාමාත්‍ය ආර්යාවද එව සිටිනවා. මෙහිදී එම දෙපලටම වට් පෝ විහාරස්ථානයේ මහ සංඝ රත්නය දීර්ඝාය ප‍්‍රාර්ථනා කරමින් ආශිර්වාද පලකලා 9418852

Social Top Sharing

Share on Myspace

submit to reddit

Share on Tumblr

By yesmin - Wed Nov 20, 8:42 am

Leave a Reply