October 18, 2017

ජනපතිට ආශිර්වාද පතා විහාරස්ථාන රැසක ආගමික වතාවත්

A_HE_RELIGIONS_3 නොවැම්බර්  මස 18 දිනට යෙදී තිබුණු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජන්ම දිනයට ආශිර්වාදය පළ කරමින් විහාරස්ථාන රැසක ආගමික වතාවත් සිදු කෙරිණි.
එදින  පස්වරුවේ කොළඹ ගංගාරාම විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා ආගමික වතාවත් හි නිරත විය. අනතුරු ව ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණීස්සර නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සඡ්ඡායනා කර ජනාධිපතිතුමා වෙත ආශිර්වාදය පළ කළහ.
අනතුරු ව ජනාධිපතිතුමා කොළඹ සම්බුද්ධාලෝක විහාරස්ථානයේ සංවිධානය කර තිබූ ආශිර්වාද පූජාව සඳහා සහභාගි විය. ශ්‍රී සම්බෝධි විහාරාධිපති පණ්ඩිත පූජ්‍ය දරණාගම කුසලධම්ම නායක හිමිපාණන් වහන්සේ අනුශාසනා පරිදි සංඝමිත්තා සුද්ධාකර පදනම විසින් පිංකම සංවිධානය කර තිබූණි. රාමඤ්ඤ නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපානේ ප්‍රේමසිරි නායක හිමිපාණන් වහන්සේ, පූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ඊට වැඩම කර සිටියහ.
බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේදී ද ජනාධිපතිතුමා ආගමික වතාවත් හි නිරත විය. එහිදී බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නායක හිමිපාණන් වහන්සේ ආගමික වතාවත් සිදු කළහ.
පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ දී විද්‍යාලංකාර පරිවේණාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති වැලමිටියාවේ කුසලධම්ම හිමිපාණන් වහන්සේ ජනාධිපතිතුමා වෙනුවෙන් විශේෂ ආශිර්වාද  පූජාවක් සිදු කළහ.
අනතුරු ව කැලණිය  විෂ්ණූ දේවාලයේ පැවැති ආගමික වතාවත් සඳහා ද ජනාධිපතිතුමා සහභාගි විය.
A_HE_RELIGIONS A_HE_RELIGIONS_1 ganagarama

Social Top Sharing

Share on Myspace

submit to reddit

Share on Tumblr

By yesmin - Wed Nov 20, 11:17 am

Leave a Reply