February 26, 2018

ජනපති ඓතිහාසික කතරගම පුදබිමේ ආගමික වතාවත්වල

kataragama ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පසුගිය දින ඓතිහාසික කතරගම පුදබිමේ වෙත ආගමික වතාවත් හි නිරත විය.
කිරිවෙහෙර අභියස පැවැති නෙළුම් මල් පූජාවට සහ පහන් පූජාවට සහභාගි වී ආශිර්වාද ලබාගත් ජනාධිපතිතුමා ඉන් අනතුරුව අෂ්ඨපල බෝධි මළුවේ දී විශේෂ බෝධි පූජාවකට ද සහභාගි විය.
කිරිවෙහෙර රජමහා විහාරාධිපති ව වැඩ විසූ අපවත් වී වදාළ පූජ්‍ය ආචාර්ය අලුත්වැව සෝරත නා හිමිපාණන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා වන ඌව විශ්වවිද්‍යාලයේ කථීකාචාර්ය පූජ්‍ය පොළොම්මාරුවේ වාචීශ්වර හිමියන් පුමුඛ හිමිවරු වන කතරගම ශ්‍රී අභිනවාරාමාධිපති පූජ්‍ය කපුගම ශ්‍රී සරණතිස්ස නායක හිමියෝ එහිදී ආගමික වතාවත් ඉටු කළහ.
ජනාධිපතිතුමා කතරගම මහ දේවාලයේ පැවැති විශේෂ පූජාවකට ද සහභාගි වී ආශිර්වාද ලබාගත් අතර සෙසු දේවාල වෙත ද ගොස් ආගමික වතාවත්වල නිරත විය.
අමාත්‍ය ජගත් පූෂ්ප කුමාර, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය, කතරගස මහ දේවාලයේ බස්නායක නිලමේ ශෂේන්ද්‍ර රාජපක්ෂ මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.

Social Top Sharing

Share on Myspace

submit to reddit

Share on Tumblr

By yesmin - Tue Oct 29, 10:44 am

Leave a Reply