November 24, 2017

ශ‍්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 68 වැනි උපන්දිනය වෙනුවෙන් ලන්ඩන් නුවර පිංකම්

18(177) ශ‍්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 68 වැනි උපන්දිනය වෙනුවෙන් එතුමන්ටත් ශ‍්‍රී ලාංකික ජනතාවටත් සෙත්පතා පිංකම් කිහිපයක්ම ලන්ඩන් නුවරදී පැවැත්විණි. ඉන් පළමුවැන්න සංවිධානය කර තිබුනේ මහා බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂා ශාඛාව මඟින්. කින්ස්බරි ශ‍්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවති එම බෝධිපුජාමය පිංකම සඳහා ලන්ඩන් නුවර ශ‍්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ චමින්ද කුලරත්න සමහතා සහ ප‍්‍රදීපා සේරම් සමඟ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛාවේ නිලධාරී මඬුල්ල සහ සාමාජික සාමාජිකාවන්ද විහාරස්ථ දායක දායිකාවන්ද විශාල පිරිස සහභාගී වුහ. මෙයට අමතරව මහා බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය මඟින් සංවිධානය කරන ලද පරිත‍්‍රාන ධර්ම දේශනයක් සහ හීල් දානමය පිංකමක්ද මහකොමසාරිස් කාර්යාලයේදී පවත්වනු ලැබිය. බි‍්‍රතාන්‍යයේ ප‍්‍රධාන සංඝනායක ලන්ඩන් බෞද්ධ විහාරධිපති බෝගොඩ සීලවිමල නාහිමි, ශ‍්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ විහාරාධිපති අග්ග මහා පණ්ඩිත ගලයායේ පියදස්සි නාහිමි, බර්මින්හැම් බෞද්ධ මහා විහාරාධිපති විතාරන්දෙණියේ කස්සප නාහිමි ඇතුළු බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රී ලාංකික විහාරස්ථාන බොහො ගනනක් නියෝජනය කරමින් මහා සංඝරත්නය 18 නමක් පිංකම සඳහාවැඩම කළහ. වැඩ බලන මහකොමසාරිස් නෙවිල් ද සිල්වා ඇතුළු මහා කොමසාරිස් කාර්යාලයීය සේවක සේවිකාවන් සියලූ‍ම දෙනාත් සිංහල, දෙමල, මුස්ලිම් සහ අනෙකුත් ශ‍්‍රී ලාංකිකයින් විශාල පිරිසක්ද එම පිංකම සඳහා සහභාගිව සිටියහ. 20(153) 21(149) 23(123) 26(117)

Social Top Sharing

Share on Myspace

submit to reddit

Share on Tumblr

By yesmin - Sat Nov 23, 11:24 am

Leave a Reply