October 18, 2017

පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවෙන් පසු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දළදා දළදා සමිඳු වැඳ පුදා ගනී

jana-ha මාතෘ භූමියට ඉමහත් අභිමානයක් ගෙන දෙමින් විසි දෙවෙනි පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව මෙරට දී සාර්ථකව පැවැත්වීමට නායකත්වය ලබා දුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම සමුළුවෙන් පසු පළමුවරට මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන්ද බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. මහනුවර අස්ගිරියේ පොලිස් ක‍්‍රීඩාංගණයේ දී මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා විසින් ජනාධිපතිතුමන් මහත් හරසරින් යුතුව පිළිගැනීමෙන් අනතුරුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ‍්‍රී දළදා මාළිගයට පැමිණි අතර එහිදී ශ‍්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑළ මහතා විසින් ජනාධිපතිතුමන් පිළිගනු ලැබීය. දළදා සමිඳු වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මල්වතු මහා විහාරයට ගොස් එම පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ‍්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමියන් බැහැදුටු ජනාධිපතිතුමන් අනතුරුව අස්ගිරි මහා විහාරයට ගොස් අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය උඩුගම ශ‍්‍රී බුද්ධ රක්ඛිත මහා නාහිමියන් බැහැදුටුවේය. රටට මහත් අභිමානයක් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් කීර්තියක් උදාකර දෙමින් ජනාධිපතිතුමා පොදු රාජ්‍ය මණ්ඩලීය සභාපති ධුරයට පත්වීමත් ජනපති ධුරයේ පදවි ප‍්‍රාප්තිය හා ජනපති ජන්ම දිනයද සිහිකර මහා නාහිමිවරු මෙහිදී ජනාධිපතිතුමාට ආශිර්වාද කළහ. මහා නාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව ගැටඹේ රාජපෝවනාරාමයට ගොස් රාජපෝවනාරාමාධිපති කැප්පැටියාගොඩ සිරිවිමල හිමියන්ද බැහැදුටු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුව බූවැලිකඩ සිරිවර්ධනාරාමයට ගොස් මල්වතු පාර්ශ්වයේ ලේඛකාධිකාරී වල්ගොව්වාගොඩ විමලබුද්ධි හිමියන් බැහැදැක උන්වහන්සේගේ සුවදුක් විමසීය.

Social Top Sharing

Share on Myspace

submit to reddit

Share on Tumblr

By yesmin - Sat Nov 23, 11:28 am

Leave a Reply