February 26, 2018

ලොව පැරණීතම විහාරය නැරඹීමට ලාංකීය බැතිමතුන්ටත් අවස්ථාවක්

_71340697_05_mq1206_120125_3714 සිදුහත් කුමරුගේ උපත සිදු වූ නේපාලයේ ලූම්බිණි සල් උයනෙන් ඉකුත්දා සොයා ගැනුණු ලොව පැරණිතම බෞද්ධ විහාරය වන්දනාමාන කරගැනීමට ලාංකික බෞද්ධ සැදැහැවතුන්ට ද අවස්ථාව සළසා දෙන බව සමස්ත ලංකා දඹදිව වන්දනාකරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති අයි.පී.එස්. ගුණසේකර මහතා පැවසුවේ තම සංගමයේ සියලූ සාමාජිකයන්ට මේ වන විටත් ඒ සම්බන්ධයෙන් දැනුම් දී ඇති බවයි. ලෝකයේ මෙතෙක් සොයා ගැනුණු පැරණිතම බෞද්ධ විහාරය බවට අනුමානය කෙරෙන ඉදිකිරීමක් නේපාලයේ ලූම්බිණි සල් උයනෙන් ඉකුත්දා සොයා ගැනුණා. එම ඉදිකිරීම සොයා ගැනුණේ ලූම්බිණි සල් උයන අසළ පිහිටි මහාමායා දේවි විහාරය ආසන්නයේ සිදුකළ කැණීම්වලදීයි. සිදුහත් කුමරුගේ උපත සිදුවන අවස්ථාවේ මහාමායා දේවිය විසින් අල්ලාගෙන සිට බව කියන සල්ගස වටා මෙම ඉදිකිරීම සිදුකර තිබෙනවා.

Social Top Sharing

Share on Myspace

submit to reddit

Share on Tumblr

By yesmin - Thu Nov 28, 5:40 am

Leave a Reply