October 18, 2017

බිබිලෙන් සොරාගත් රන් බුදු පිළිමය හමුවේ

peilima බිබිල පොලිස්‌ බලප්‍රදේශයට අයත් බිබිල ඓතිහාසික කොටසර රජමහා විහාරයේ තිබී සොරාගත් රන් ආලේපිත බුදු පිළිමය නියෝජ්‍ය පොලිස්‌පති රොෂාන් ප්‍රනාන්දු ඇතුළු විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ විසින් හසලක හෙට්‌ටිපොල උඩවල ප්‍රදේශයේ වස්‌ගමු ඇළේ අඩි 7 ක්‌ ගැඹුරක තිබියදී සොයා ගන්නා ලදී. මෙම බුදු පිළිමය අඩි 2 අඟල් 1 උස කිලෝ 106 බරකින් යුක්‌ත වන අතර මෙම බුදු පිළිමයේ දකුණු අතේ කොටසක්‌ සොරුන් කපා ඇත. එම කොටස්‌ ද කළුතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මෙම බුදු පිළිමය පසුගිය ඔක්‌තෝබර් 11 වැනිදා සොරාගත් අතර සොරාගත් පිරිසේ දස දෙනකු හඳුනාගෙන ඇත. එයින් හතර දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ යොදවා ඇති බව පොලිසිය පවසයි.

Social Top Sharing

Share on Myspace

submit to reddit

Share on Tumblr

By yesmin - Mon Dec 02, 3:50 am

Leave a Reply