October 18, 2017

ලබන 5 වැනිදා තෙක් උදේ 6 සිට සවස 6 දක්වා ශ්‍රී පාදය කරුණා කිරීමෙන් වලකින්න

siripada (12) ශ‍්‍රී පාද මළුවේ සංවර්ධන කටයුතු හේතුවෙන් අද (02) සිට මේ මස 5 වැනිදා දක්වා දිවා කාලයේදී ශ‍්‍රීපාදස්ථානය කරුණා කිරීමෙන් වළකින ලෙස බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කෙරෙනවා. ශ‍්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන් බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියේ අදාළ දිනවල පස්වරු 6 සිට උදෑසන 6 දක්වා පමණක් ශ‍්‍රී පාදස්ථානය කරුණාකරන ලෙසයි. මෙම කාලය තුළ දිවා කාලයේ ආගමික වතාවත් කිසිවක් නොපවත්වන බවද උන්වහන්සේ ප‍්‍රකාශ කළා. මේ අතර ශ‍්‍රීපාද මළුවේ දැනට ඇති දොළොස් මහේ පහන වෙනුවට ස්ථාපිත කෙරෙන ශෛලමය දොළොස් මහේ පහන නල්ලතන්නිය - ලක්ෂපාන ක‍්‍රීඩාංගණයේ සිට ශ‍්‍රී පාද මළුව දක්වා ගුවන් හමුදාවේ එම්.අයි. 17 හෙලිකොප්ටර් යානයකින් අද රැගෙන ආවා. මෙහි බර කිලෝග‍්‍රෑම් 7613 ක්. මීට අමතරව කිලෝග‍්‍රෑම් 9500 ක බරකින් යුත් අලූතින් නිම කරන ලද ඝන්ඨාර කුළුණද ශ‍්‍රී පාද මළුවේ ස්ථාපිත කිරීම සඳහා ගෙන එනු ලැබුවා. siripada (3) siripada (5) siripada (10) siripada (11) siripada (13) siripada (14)

Social Top Sharing

Share on Myspace

submit to reddit

Share on Tumblr

By yesmin - Thu Jan 02, 8:27 am

Leave a Reply