October 18, 2017

හම්බන්තොට හේන්කඩුව රජමහා විහාරයේ චෛත්‍ය රාජයාණන්ගේ කොත නිරාවරණය ජනපති අතින්

he-naigala4 ඓතිහාසික නයිගල රජමහා විහාරයේ විහාර ප්‍රාකාරය, අභිනව වාහල්කඩ, සිව් බුද්ධ ප්‍රතිමා හා රන් වැට සහිත බෝ මළුව විවෘත කිරීමේ පුණ්‍යෝත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි. විහාරාධිපති පූජ්‍ය බුද්ධියාගම ධම්මසිරි නායක හිමිපාණන් වහන්සේ බැහැදුටු ජනාධිපතිතුමා මෙහිදි උන් වහන්සේට සමරු තිළිණයක් ද පිළිගැන්වීය. පුරාවිද්‍යා වටිනාකම් රැසකින් සමන්විත නයිගල රජමහා විහාරයේ සංරක්ෂණ කටයුතු ආරම්භ කිරීම ද මේ අවස්ථාවේ සිදු කෙරිණි. විහාරස්ථානයේ ඓතිහාසික නටඹුන්ද ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක්විය. දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති රාජකීය පණ්ඩිත පූජ්‍ය පල්ලත්තර සුමනජෝති නායක ස්වාමීන් වහන්සේ, පූජ්‍ය දිවියාගල යසස්සි ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය උත්සවයට වැඩම කර සිටියහ. අමාත්‍යවරුන් වන ටී.බී. ඒකනායක, මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, වී.කේ. ඉන්දික, පළාත් අමාත්‍ය ඩී.වී. උපුල් යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

Social Top Sharing

Share on Myspace

submit to reddit

Share on Tumblr

By yesmin - Thu Jan 02, 9:03 am

Leave a Reply