February 26, 2018

ජෙස්මින් ඇන්ඩ‍්‍රස්ට්‍රෝම්ගේ සේවාව අගයමින් මහනාහිමිගෙන් ඇගයීම් සහතිකයක්

DSC08638 ස්වීඩන් ජාතික පාසල් ශිෂ්‍යාවක් වන ජෙස්මින් ඇන්ඩ‍්‍රස්ට්‍රෝම්ගේ සේවාව අගයමින් අස්ගිරි පාර්ශවයේ මහානායක අග්මහා පණ්ඩිත උඩුගම ශී‍්‍ර බුද්ධරක්ඛිත හිමිපානන් විසින් ඇය වෙත විශේෂ ඇගයීම් සහතිකයක් පසුගියදා පිරිනැමුනා. ඒ ඇය විසින් ශී‍්‍ර ලංකාවේ විහාරස්ථාන, පාසල්, දහම් පාසල්, රෝහල් හා අඩු ආදායම්ලාභී පවුල්වලට විවිධ අන්දමේ උදව් උපකාර කිරීම හේතුවෙන්. ස්වීඩනයේ සිය පාසල් කාල වේලාවෙන් අනතුරුව කෙටිකාලීන රැකියාවල යෙදී උපයාගන්නා මුදලින් ඇය ශී‍්‍ර ලංකාවේ දරුවන් වෙනුවෙන් මෙම සේවයේ නිරත වනවා. සොළොස්මස්ථානාධිපති වෙඩරුවේ ශී‍්‍ර උපාලි නාහිමිපානන් වහන්සේද මෙම අවස්ථාවට එක්ව සිටියා. DSC08639

Social Top Sharing

Share on Myspace

submit to reddit

Share on Tumblr

By yesmin - Fri Jan 03, 6:31 am

Leave a Reply