December 14, 2017

ලන්ඩන් නුවර මහමෙව්නා භාවනා අසපුවේ පින්වත් ස්වාමීන් වහන්සේලා මෙහෙයවූ අසිරිමත් සත්බුදු වන්දනාව

46 ලන්ඩන් නුවර මහමෙව්නා භාවනා අසපුවේ පින්වත් ස්වාමීන් වහන්සේලා මෙහෙයවූ අසිරිමත් සත්බුදු වන්දනාව සහ සිත් සතන් සනහාලන භාවනා වැඩ සටහනක් 2013 වසරේ අවසන් රාත්‍රිය මුළුල්ලේ වොට්ෆර්ඩ් නගරයේදී පවත්වනු ලැබීය. පසුගිය වසරේ අවසන් රාත්‍රිය පහන් වනතුරු පැවැත්වුන බුද්ධ පුජා, සත්බුදු වන්දනා, භාවනා, ධර්ම දේශනා, ධර්ම සාකච්චා සහ පරිත්‍යාන ධර්ම දේශනා සඳහා විශාල බැතිමතුන් සංඛාවක් සහභාගීවුහ. සත්බුදු වන්දනාව මඟින් මෙම බද්‍ර කල්පයේ ලොව පහලවී වදාළ කාශ්‍යප, කෝණාගමන, කකුසඳ,වෙස්සභු,සිඛී, විපස්සී සහ ගෞතම යන බුදුරජානන් වහන්සේලාගේ ගුණ සමුදාය මෙණෙහිකරමින් වන්දනා කිරීම සිදු කෙරුණි. දෙසැම්බර් 31 වෙනිදින සවස 6.30 ට ආරම්භවු පිංකම අවසන් වුයේ ජනවාරි පළමුවනදා උදේ 7.30 ටය. පිංකම සඳහා සහභාගීවූ සියලුම සැදැහැවතුන් වෙත රාත්‍රී භෝජනය ඇතුළු අවශ්‍ය ආහාර පානාදිය සපයනු ලැබිය. පිංකම අවසන් කරමින් 2014 වසරේ පළමුවන දිනයේ උදෑසන සෙත්පිරිත් සජ්ජායනාකරනු ලැබූ අතර රාත්‍රිය පහන්කරමින් පිංකම සඳහා සහභාගිවූ සියලුම දෙනාහට පිරිත් පැන් සහ පිරිත් නුල් ලබාදී නවවසරට තෙරුවන ආශීර්වාදය ප්‍රාර්ථනා කරනු ලැබිය. 5 5_1 8 53 57 1517597_10151942544263541_90927642_n - Copy 1517597_10151942544263541_90927642_n 21000011 P1420329 P1420331 P1420332 P1420335 P1420340

Social Top Sharing

Share on Myspace

submit to reddit

Share on Tumblr

By yesmin - Fri Jan 03, 6:49 am

Leave a Reply