October 18, 2017

ඕස්ට්‍රේලියාවේ නව ප්‍රධාන සංඝනායක පූජ්‍ය ධම්මගවේෂි නාහිමිපාණන්ට ජනපති උපහාර

sanga ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ලංකාරාම විහාරාධිපති රාජකීය පණ්ඩිත මීගහකුඹුරේ ධම්මගවේෂි නාහිමිපාණන් වෙත ශ්‍යාමෝපාලි මහානිකායේ මල්වතු පාර්ශවය මගින් සද්ධර්ම කීර්ති ශ්‍රි මංගල ගෞරව නාම සහිත ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමේ. ඒ නිමිත්තෙන් උන්වහන්සේට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා උපහාර පිදීමේ උත්සවය ඊයේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණ. ජනාධිපතිතුමා අභිනව නායක ස්වාමීන් වහන්සේ වෙත සමරු තිළිණයක්ද පිළි ගැන්වීය. උන්වහන්සේ විසින් රචිත ශාස්ත්‍රිය ග්‍රන්ථ රැසක්ද, 'ධම්මගවේෂි අභිනන්දන' කෘතියද ජනාධිපතිතුමා වෙත පිළිගන්වන ලදී. සියම් මහා මහානිකායේ මල්වතු පාර්ශවයේ වනවාස නිකායේ අනුනායක ඉංගිරිය මඩකඩ ආරණ්‍ය සේනාසනාධිපති මහෝපාධ්‍යාය පූජ්‍යපාද අංපිටියේ මංගල නාහිමිපාණන් ඇතුළු මහා සංඝරත්නයද මේ අවස්ථාවට වැඩමකර සිටියහ. අගමැති දි.මු. ජයරත්න. සහ බුද්ධශාසන නියෝජ්‍ය ඇමති එම්.කේ.ඩී.ඒ.එස්.ගුණවර්ධන යන මහත්වරු ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.

Social Top Sharing

Share on Myspace

submit to reddit

Share on Tumblr

By yesmin - Sat Jan 04, 7:41 am

Leave a Reply