August 24, 2017

පුරාවිද්‍යා චක්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් රචිත ග්‍රන්ථ කිහිපයක් ජනපතිට පිළිගන්වයි

ellawala-himi පුරාවිද්‍යා චක්‍රවර්තී, පුරාවිද්‍ය පර්යේෂණ ශූරී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් විසින් රචනා කරන ලද ග්‍රන්ථ කිහිපයක් අද (13) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට පිළිගන්වන ලදී. "රුහුණේ යටගියාව සහ එහි සෙල්ලිපි", "The sinhala buddhist heritage in east and north of sri lanka" යන කෘති ඇතුළත් උන්වහන්සේ විසින් සිදුකරන ලද පුරාවිද්‍ය පර්යේෂණ අනුසාරයෙන් රචනා කරන ලද කෘති 24ක කට්ටලයක් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය. පූජ්‍ය උඩුවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේ මේ අවස්ථාවට වැඩම කර සිටි අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක බණ්ඩාර මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.

Social Top Sharing

Share on Myspace

submit to reddit

Share on Tumblr

By yesmin - Tue Jan 14, 4:44 am

Leave a Reply