December 14, 2017

භික්ෂුණී අයිතිය ලබා ගන්න මානව හිමිකම් කොමිසමට පෙත්සමක්

female monk copy භික්‍ෂුණී පරම්පරාවට හිමි මූලික අයිතිවාසිකම් ලබාගැනීමට ගොනුකර ඇති පෙත්සමක් මේ දිනවල විභාගවෙමින් පවතින බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි. මානව හිමිකම් කොමසාරිස් ප්‍රතිභා මහානාමහේවා මහතා සඳහන් කෙළේ එම පෙත්සම ඉනාමළුවේ සුමංගල හිමියන් සහ ශීලප්‍රිය මහින්ද මෑණියන් විසින් මානව හිමිකම් කොමිසමේ ගොනුකර ඇති බවයි. එම පෙත්සමේ සඳහන් කරුණුවලට අදාළව පැවැත්වෙන මානව හිමිකම් පරීක්‍ෂණයේ නිර්දේශ ළඟදීම ලබදෙන බවද මානව හිමිකම් කොමසාරිස්වරයා පැවැසීය. පෙත්සමට අදාළව වගඋත්තරකරුවන් කර ඇත්තේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, බුද්ධ ශාසන අමාත්‍යංශය සහ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවයි. බුද්ධ ශාසනයේ පැවිදිව සිටි භික්‍ෂුණී පරම්පරාව අනුරාධපුර යුගයේ අගභාගයේ පැවැති සිවිල් ආරවුල් තත්ත්වය මත නැවත කාන්තාවන් පැවිදි බිමට ඇතුළත් නොවීමේ හේතුව මත අභාවයට ගිය පසු දැනට කාන්තාවන් පැවිදිව උපසම්පදාව ලබා නැවත භික්‍ෂුණීන්වහන්සේ ලෙස සිටින අතර ඔවුන්ගේ භික්‍ෂුණීභාවය පිළිගන්නා ලෙසද, භික්‍ෂුණීන් සඳහා වූ හැඳුනුම්පත් සහ වෙනත් වරප්‍රසාද ලබාදෙන ලෙසද එම පෙත්සමෙන් ඉල්ලා ඇත. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙවැනි පරිච්ඡේදයේ 9 සහ 10 ව්‍යවස්ථා ප්‍රකාරව බුදුදහමේ ආරක්‍ෂාවට පෝෂණය තිරස්ථිතියද වෙනුවෙන් තුන්වැනි පරිච්ඡේදයේ මූලික අයිතිවාසිකම් යටතේ ඔවුන්ට හිමි ආගමික නිදහස ලබාගැනීමට මේ පෙත්සම ඉදිරිපත් කොට ඇත.

Social Top Sharing

Share on Myspace

submit to reddit

Share on Tumblr

By yesmin - Wed Oct 30, 6:41 am

Leave a Reply