October 18, 2017

මාතර විමලරතන නාහිමියන්ට ජනපතිගෙන් ජන්ම දින සුභ පැතුම්

presedent-3 අනු නම වන ජන්ම දිනය සමරන මහ නායක අනුරාධපුර ගුවන් තොටුපොළ ශ්‍රී විමලධර්මදූත මධ්‍යස්ථානාධිපතිල ශාස්ත්‍රපති විශාරද පණ්ඩිත පූජ්‍ය මාතර විමලරතන මහා නායක හිමිපාණන් වහන්සේට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ජන්ම දින සුභ පැතුම් පිරිනැමීය. උන්වහන්සේ වැඩ වෙසෙන අනුරාධපුර ගුවන්තොටුපොළ ශ්‍රී විමලධර්මදූත මධ්‍යස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා උන්වහන්සේ වෙත නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කළේය. උන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නය විසින් සෙත්පිරිත් සජ්ඣායනා කර ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ. මාතලේ දීවෙල්ල යටවත්ත සිරි ධර්මවර්ධනාරාමාධිපති අමරපුර සිරි සුමන මහා නිකායේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය දීවෙල්ල දේවරක්ඛිත අධිකරණ නායක ස්වාමීන් වහන්සේල අමරපුර සිරිසුමන මහා නිකායේ මහා ලේඛකාධිකාරී ශාස්ත්‍රවේදී පණ්ඩිත පූජ්‍ය රත්ගම තිලකසිරි අනුනායක ස්වාමීන් වහන්සේල මාතර මන්තින්ද පරිවේණාධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති බලපිටියේ ගුණානන්ද අධිකරණ නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන කාරක සංඝ සභික ස්වාමීන් වහන්සේලා මෙම අවස්ථාවට වැඩම කර සිටියහ. <iframe width="640" height="360" src="//www.youtube.com/embed/RWXN7hh--Lc?feature=player_detailpage" frameborder="0" allowfullscreen></iframe>

Social Top Sharing

Share on Myspace

submit to reddit

Share on Tumblr

By yesmin - Mon Nov 04, 4:10 am

Leave a Reply